උතුරුමැද පලාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් දිඹුලාගල අධයාපන කලාපයේ දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 104 න් ගම්බද පරිසරයකින් යුත් මනරම් භූමියක අප පාසල පිහිටා ඇත.
වර්ෂ 1987 ඔක්තබර් 03 වන දින සිසුන් දෙදෙනෙකුගෙන් ආරම්භ කරන්නට යෙදුන අප පාසලේ ආරම්භක විදුහල්පති වරයා මෙන්ම එකම ගුවරයා ද වුයේ ආර්.එම්.ඒකනායක මහතායි. පාසල එදා ආරම්භ කරන ලද්දේද වර්තමානයේ පාසල පිහිටා තිබෙන භූමියේමයි. මෙම පාසල ආරම්ණ කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රි අම්පාර දිසා අමාත්‍ය විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය පි දයාරත්න මැතිතුමා , නේවාසික ව්‍යාපාර කළමණාකාර මහවැලි කර්නල් පි.වි.පතිරණ මහතා මෙන්ම අම්පාර කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ එම්.ඩි.ඇතිපොළ යන මහත්වරුන් අතින් සිදුවිය. පාසලක් විවෘත කිරීම යනු සිරගෙවල් 100 වසා දැමීමයි යන කියමන සනාථ කරමින් එදා මෙදා තුර සිසු දරු දැරියන් සිය දහස් ගණනකට නැණ නුවණ ලබා දෙමින් ඔවුන්ගේ ජීවිත ආලෝකවත් කරන්නට හැකිව තිබීම අප පාසල් මාතාව ලැබූ අති විශිෂ්ඨ ජයග්‍රහණයකි.ශිෂ්‍යත්ව විභාගයෙන් මෙන්ම අ.පො.ස.සා.පෙළ විභාගයෙන්ද සමත් වූවන් විශාල ප්‍රමාණයක් සිටින අතර පාසලෙන් බිහිවු උගතුන් රටේ ලෝකයේ විවිධ අංශ වල සේවය කිරීම පාසල ලැබු ලොකුම ගෞරවයයි
පළමුව ප්‍රාථමික පාසලක් ලෙස ආරම්භ වු අප පාසල ටපසු කාලීනව භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පංති කාමර ශාලා 03 සහිත පන්ති කාමර 11 වගේම නැටුම් ඒකකයක් සංගීත ඒකකයක් පුස්තකාලයක් වගේම පරිගණක ඒකකයක්ද නිර්මාණය විය.අද වන විට අප පාසල 1-11 ශ්‍රේණි සහිත type 2 වර්ගයට අයත් පාසලක් බවට පත්ව ඇත.
එමෙන්ම විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 15ක් වන අතර එකසිය හැත්තෑ එකක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "සදාචාරවත් ආත්ම විශ්වාසයෙන් හා ආත්ම අභිමානයෙන් යුත් දරු පරපුරක්" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, ගුරු මන්ඩලයෙන්ද දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2025 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.
|
ආරම්භ කළ වර්ෂය |
1987 ඔක්තොබර් 03 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
02 |
|
මුල් ගුරුතුමාගේ නම |
ආර්.එම්.ඒකනායන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
නවපල්ලේගම කණිෂ්ඨ විද්‍යාලය |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1987 ඔක්තොබර් 03 |







