නවපල්ලේගම කණිෂ්ඨ විද්‍යාලය

අලුත් අවුරුදු උත්සවය -2024

w15.jpg
lo-7.jpg
sl1.jpg

1987/10/03 - 1998/05/21

ආර්.එම්.ඒකනායක මහතා

අප පාසලේ පළමු විදුහල්පති වුයේ මෙතුමායි. වසර දහයකට ආසන්න කාලයක් පාසලේ විදුහල්පති කම දරමින් සිසුන්ගේ නැණ නුවණ පෑදු පාසලේ නොමැකෙන සන්නාමය මෙතුමායි.පාසලේ උන්නතිය වෙනුවෙන් කැප වුණු උදාරතර ගුරුපියෙක් ලෙස සදහන් කළ හැක

1998/05/21 - 1998/06/01

ඩබ්ලිව්.එම්.චන්ද්‍රාවතී මිය

ආර්.එම්.ඒකනායක විදුහල්පති තුමාට පසුව පාසලේ වැඩ දින 10 කාලයක් පාසලේ වැඩ ආවරණය කරන ලදී.පාසලේ කටයුතු විධිමත්ව සිදු කිරීමට මනා සහයක් ලබා දුන් ආදරණීය ගුරු මවකි.

1998/06/01 - 2005/02/10

කේ.ඩි.ධර්ම ශ්‍රී රත්නායක මහතා

වසර 07 සේවා කාලය තුළ මෙතුමා පාසලේ සංවර්ධනය වෙනුවෙන් මෙන්ම පාසල් දරු දැරියන්ගේ අ‍ධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඇප කැප වුණු විදුහල්පති වරයෙකි

2005/02/11 -2005/05/08

එල්.වීරසූරිය මහතා

මෙතුමා මාස 3 ට ආසන්න කාලයක් කේ.ඩි.ධර්ම ශ්‍රී රත්නායක මහතාගෙන් පසුව පාසලේ වැඩ ආවරණය කරන ලදී.

2005/05/09 - 2008/01/25

එච්.ඒ.සී.ජයලත් මහතා

වසර 03 කට ආසන්න කාලයක් අප පාසලේ විදුහල්පති ධූරය දැරු මෙතුමා සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඇප කැප වුණු විදුයල් පති වරයෙකි.

2008/01/26 -2020/01/13

ආර්.එම්.රත්නායක මහතා

වසර 12 ට අධික කාලයක් පාසලේ උනන්තිය වෙනුවෙන් ඇප කැප වුණු ආදරණීය විදුහල්පති වරයෙක් විය.පාසලේ පැවැති ගුරු හිගය අවම කරමින් පාසල් දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු මෙන්ම පාසලේ භෙඋතික සංවර්ධනය උදෙසා මහගු සේවාවක් සිදු කළ මෙතුමා 2020/01/13 වන දින පාසලෙන් සමුගත්තේ විශ්‍රාම යෑමත් සමගයි.

2020/01/13 - 2020/03/02

එම්.ජී.එස්.එන්.කේ.කේ.නවරත්න මහතා

ආර්.එම්.රත්නායක මහතාගේ විශ්‍රාම හෑම හේතුවෙන් පුරප්පාඩු වූ විදුහල්පති ධුරය සදහා වැඩබලන විදුහල්පති වරයෙකු ලෙස මාස 02 කාලයක් සදහා මෙතුමා වැඩ ආවරනය කරන ලදි.

2020/03/02 - 2023/03/16

ආර්.එම්.රත්නායක මහතා

වසර 03 කාලයක් අප පාසලේ විදුහල්පති ධුරය දෑරු මෙතුමා විදුහල්පති සේවයේ 3 ශ්‍රේණියේ විදුහල්පති වරයෙකි

2023/03/16 -2023/05/09

එම්.ජි.කේ.කේ.මෝරගම්මන මිය

ආර්.එම්.රත්නායක මහතාගෙන් පසුව හිස් වූ විදුහල්පති ධුරය සදහා විදුහල්පති වරයෙකුපත්වන තුරු විදුහල්පති ධුරයේ මාස 02 කට ආසන්න කාලයක් වැඩ ආවරණය කරන ලදි.

2023/05/10 - මේ දක්වා

පි.ජි.ඩි.ටි.පි.සෙනවිරත්න මහතා

2023/05/10 සිට මේ දක්වා අප පාසලේ උන්නතිය වෙනුවෙන් ඇප කැප වී වැඩ කටයුතු කරන විදුහල්පති වරයෙකි.