පාසල් ගීතය
නිබදව නමදිමු හද බැතිනි
නවපල්ලේගම විදු මවුනි......//
විල් දිය මත පිපි තඹරු මැදින්
නිල් ගොයමේ සිලිසිලිය අරන්
මහවැලි දියවර සිසිල සදා ලන
විදුහල් මව්ගේ සිරි මනරම්
නිබදව නමදිමු හද බැතිනි......//
සිප් සතරත් යහ ගුණ දහමත්
ලැබ දෙන ගුරු මව් පියෝ නමදින්
එක මවකගේ දරු කැලක් ලෙසින්
නොසැලී නොතැවී පෙරමුණ යන්
ජය මාවත වෙත පියනතමින්
නිති වැජබේවා මව්නි උතුම්
චිරං ජයතු විදුමව්නි උතුම්......//








